පසුගියදා ජාතික රෝහලේදී සිදුවූ 79 ලක්ෂයේ කොල්ලය  සිදු කළ අය අල්ලන්නට දායකවූ රාජ්‍ය බුද්දිසේවයේ පොලිස් නිලධාරියා තුම්මුල්ල ප්‍රදේශයේදී අනතුරට ලක් කළ නීති සිසුවාට ඊයේ 15 ඒ සම්බන්ධිත
නඩු විභාගය පැවැත්විණි.

ඔහු වෙනුවෙන් ජනාධිපති නීතීඥයින් අධිකරණයට පැමිණ තිබුණි.
මෙම පුද්ගලයා කොළඹ 07 බාන්ස් පෙදෙසේ නිවසක පදිංචිව සිටි අයෙකි. අශාන් තරින්ද කටුගහ රත්වත්තේ  නමැති ඔහු නීතී සිසුවෙකි එසේම රගර් ක්‍රීඩාවෙහි නිරතවන්නෙකි.
ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්සයි.
බීමත්ව රිය පදවා මෙම අනතුර සිදු කළ බවට පොලිසිය කරුණු දක්වා තිබුනි.
තම සේවා දායකයා හිතාමතා අනතුර නොකළ බව අධිකරණයට නීතීඥයා දැනුම් දුන්නේය. අගතියට පත් අය වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට සේවාදායකයා කැමති බවද ඔහු දැන්වීය.
සැකකරු 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට විනිසුරු නියම කර තිබේ.