පාසල් ආරම්භ  විමට පෙර ගිලන් කාමරයක් සකස් කර තිබිය ය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යශය විඳුහල්පතිවරුන්ට දන්වා ඇත.
පාසලේ දී හදිසියේ දරුවකු රෝගී වූ අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන තෙක් රඳවා තබාගැනීමට මෙම කාමරය යොදාගත යුතු බවත් මිශ්‍ර පාසල්වල බාලක බාලිකාවන් සඳහා වෙන වෙනම කාමර තිබිය යුතු බවටත් අමාත්‍යංශය උපදෙස් දෙයි.

ගිලන් කාමරය මනා ලෙස ආලෝකය හා වාතාශ්‍රය පවතින අත් සේදීමේ පහසුකම් සබන් යනාදිය ඇති, ඇඳක්, බීමට සුදුසු  ජලය හා ප්‍රථමාධාර පෙට්ටියක් මෙන්ම දොරක් හෝ අන් අයගෙන් වෙන් කිරීමේ තිරයක් සහිත කාමරයක් විය යුතු බව ද හැකි නම් එහි බද්ධ වැසිකිළි පහසුකම් සපුරාලීම වැදගත් බවත්
කොවිච් 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යයාපන ආයතන  සුදානම් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරන
ලඳ උපදෙස් සංග්‍රහයේ සඳහන් වේ.
 කෙසේ වෙතත් සිසුන් 50ට අඩු පාසල්වලට ගිලන් ඇඳන් එකක් ද 50 සිට 500 දක්වා සිසුන් සිටින පාසලට ගිලන්
ඇඳත් දෙකක් ද 501ට වඩා සිටින පාසල්වලට ගිලන් ඇඳන් 3ක්  ද අවම වශයෙන් තිබිය යුතු බව ද එහි සඳහන් වේ.

සෑම පාසලකම ගිලන් කාමර දිනපතා දෙවරක් ද රෝගියකු  රැදී සිට පිටව ගිය වහාම ද සෝදා හැරිය යුතු බවත් එහිදී  විෂබීජහරණය වන අන්දමින් පිරිසුදු කිරීමට වග බලාගත යුතු  බවත් එම උපදෙස්වල සඳහන්ව ඇත.
කල් තබා හඳුනාගත් රෝගී තත්වයන් සහිත අය ද ගිලන් කාමරයේ රඳවන බැවින් භාරකරුවන් හා සෙ බොස සේවක පිරිස් ආරක්ෂිත උපකරණ කට්ටල, අත්වැසුම් හා මුහුණු ආවරණ සහිතව පමණක් එම කාමරයට ඇතුළු විය යුතු යැයි ද එහි  සඳහන් වේ.
 වීනීතා ඒම්. ගමෙග්