සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද කොළඹ අදරගුරු නිවසේදී කාදිනල් හිමිපාණන් මුණගැසී තිබෙයි.
මෙම හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිතියේ පසුගිය කාලයේදී ඇතිවූ විවිධ ව්‍යාකුලත්වය සම්බන්ධයෙන් සාකච්ජා කොට සියළු දෙනා නිවැරදී තැනකට පැමිණි බවයි.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් පසුගියදා පැවති දේශපාලන රැස්වීමක් අතරතුර සිදුකළ ප්‍රකාශය මෙරට දැඩි කතාබහකට ලක්වුවා.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා සමාව අයදින බව සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේ රටපුරා ඇතිවූ බලවත් විරෝධතාවය හේතුවෙන්ය.