රුසියානු ජනාධිපති පුටින්ව ඔහුගේ නිවසේදී මුණගැසෙන අමුත්තන්ට පළමුව විෂබීජ නාශක උපකරණයක් හරහා ගමන් කළ යුතු බව බලධාරීහු පවසති. නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මෙසේ විෂබීජ නාශක ඉසීම මෙහිදී සිදුකෙරේ.


ජූලි 1 වනදා රටපුරා ජනමත විචාරණයක් පැවැත්වීමට බලධාරීන් තීරණය කර තිබියදී ජනාධිපතිගේ මෙම ක්‍රියාමාර්ගය සමහර පුද්ගලයන්ගේ කෝපයටද හේතු වී තිබේ.

ජුනි 12 වන දින රුසියාවේ එළිමහන් උත්සවයකදී මුහුණු ආවරණයක් නොමැතිව ප්‍රසිද්ධියේ පෙනී සිටි පුටින් මේ වන විට මොස්කව් නගරයෙන් පිටත පිහිටි ඔහුගේ නවෝ-ඔගරියෝවෝ නිවසේදී ස්වයං හුදෙකලා වී ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා වන පූර්වාරක්ෂාවන්හි කොටසක් ලෙස සෑම අමුත්තෙක්ම මෙම උපාංගය හරහා ගමන් කළ යුතු අතර එහිදී ජනපතිව හමුවීමට පැමිණෙන පුද්ගලයන්ට විශබීජ නාශක ඉහළින් සහ පැත්තෙන් ඉසීමට කටයුතු යොදා ඇත. අඟහරුවාදා දින සවස ට්විටර් වෙබ් අඩවිය තුළින් මෙන්ම රාජ්‍ය පුවත්පත් ඒජන්සිය තුළින්ද මේ සම්බන්ධයෙන් වන වීඩියෝ පටයක්ද නිකුත් කර තිබේ.

මීට අමතරව ක්‍රෙම්ලිනයේ විෂබීජ නාශක යන්ත්‍ර දෙකක් ද සවි කර ඇති බව ජනාධිපති ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වාර්තාකරුවන්ට කියා සිට ඇත. වෛරසයේ උච්චතම අවස්ථාව පැමිණෙන විට මෙම උපාංඟය ස්ථාපනය කරන ලද බවද ඔහු පැවසීය. එමෙන්ම මොස්කව්ට නැගෙනහිර පෙන්සා කලාපයේ බලධාරීන් විසින් රජයේ ප්‍රධානියාගේ සහ ඔහු බැලීමට පැමිණෙන සියලු දෙනාගේ ආරක්ෂාව මෙමඟින් සහතික වනු ඇති බවද මෙම ස්වයංක්‍රීය පිරිසිදු කිරීමේ උපකරණය අතිශය විශේෂිත වූවක් බවද පවසා තිබේ.

මෙම උපකරණයට මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය ඇතුළත් වන අතර මිනිසුන්ගේ උෂ්ණත්වය ලබා ගැනීමේ හැකියාවක් ද පවතී. පුටින් හමුවීමට පෙර සෑම අමුත්තෙක්ම මෙම වෛරස පරීක්ෂණයට මුහුණ දිය යුතුය. කෙසේවුවුද ජනපතිවරයා අප්‍රේල් මාසයේ දී නිලධාරීන් සමඟ වීඩියෝ සම්මන්ත්‍රණ ඇමතුම් ආරම්භ කළ නමුත් පසුව විවිධ හමුවීම් සඳහාද සහභාගී වී තිබේ.

නමුත් ඇතැම් බළධාරීන් මෙම වෛරස ක්‍රියාමාර්ග නොතැකීම හේතුවෙන් ඔවුන්ට වෛරසය වැළඳී ඇත. කෙසේ වෙතත් එවැනි කිසිඳු ආසාදිතයෙක් ජනාධිපතිවරයාව හමු නොවී ඇති බව තහවුරු වී තිබේ. පසුගිය දිනක මොස්කව් රෝහලක ප්‍රධාන වෛද්‍යවරයා කොවිඩ් 19ට ධනාත්මක වීමත් සමඟ ජනපති පුටින් ඔහු හා සමීප සම්බන්ධතා පැවැත් වූ බැවින් එතුමා නිරෝධායනයටද ලක් විය.

කෙසේවෙතත් ජූලි 1 වන දින ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකිරීමේ අරමුණුද ඇතිව ජාතික ඡන්ද විමසීමක් පැවැත්වීමට එරට ජනාධිපතිවරයා කටයුතු සූදානම් කර තිබේ. එනමුත් මෙම සියලු කටයුතු වගකීම් සහිතව ඉටු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව බලධාරීන් පවසයි.
Rishmi Ishara