අද සිට ගුවන් තොටුපොළේදීම දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා PCR පරීක්ෂණ සිදු කිරීමට කටයුතු ආරම්භ කෙරේ.



කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේ මේ පරීක්ෂණ වලට අනුව මෙරටට පැමිනණන සියලුම දෙනා නිරෝධයට ලක් කිිරීම හෝ රෝහල්ගත කිරීමට අදාළ පියවර ගැනෙනු ඇති බවයි.

අගෝස්තු මුල සිට සංචාරකයන් සදහා කටුනායක ගුවන් තොටුපළ විවෘත කෙරුණ ද පැමිණෙන සියලු සංචාරකයන් ගුවන් තොටුපළේ දී අනිවාර්යෙන්ම PCR පරීක්ෂාවට ලක් කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුර කරුණු පවසා සිටියේය.