උදෑසන කාර්යාල කටයුතු ආරම්භය පැය කිහිපයකින් සංශෝධනය විය යුතු බව කාර්යාල වේලාවන් සංශෝධනයට පත් කළ කමිටුව යෝජනා කර තිබේ.
කමිටු ප්‍රධානී ගාමිණි සෙනවිරත්න මහතා පැවසුවේ, එම යෝජනා ඇතුළත් සමස්ත වාර්තාව අද ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දීමට නියමිත බව ය.


අමාත්‍යවරයා එම වාර්තාව අධ්‍යනය කිරීමෙන් පසු අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.

පවතින ප්‍රවාහන තදබදය අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න අධ්‍යනයට මෙම කමිටුව පත් කෙරිණි.

එම කමිටුවට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශ නිලධාරීන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළත් ය.