මොණරාගල ඉත්තෑකටුව ප්‍රදේශය‍ෙදී අද පස්වරුවහෙි සැකකරුවෙකු හා පොලිසිය අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් සැකකරු මියගොස් ඇතැයි පොලිසිය වාර්තා කර තිබේ.

පසුගිය 31 දින සිදු වූ ඝාතන සිද්ධීයකට අදාළ ප්‍රධාන සැකකැරුවෙකු වන මොහු අද පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී පොලිසිය හට වෙඩි ප්‍රහාර එල්ල කොට පැන යෑමට තැත් කර ඇති බවත් එහි දී පොලිසිය විසින් ප්‍රතිවෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් බරපතල තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂ්‍යට පත් වී ඇති බවත් කියැවේ.
පසුගිය 31 වැනිදා සිදුවූ පුද්ගල ඝාතනයක ප්‍රධාන සැකකරුවෙක් වන ඔහු  වරෙන්තු ලබා සිටින සැකකරු වෙකි. මියගිය අයට එරෙහිව  අධිකරණයේ නඩු දෙකක් ද විභාග වෙමින් පවතින බව පොලිසිය සඳහන් කර තිබේ.