පොසොන් පුර පසොලොස්වක පොහෝ දින වැදගත්කම වෙත ප්‍රමුඛත්වයක් ලබාදෙමින් බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය අසල සිට යුද්ධ හමුදා මූලස්ථානය දක්වා පිවිසෙන මාර්ගයේ යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් වර්ණවත් පහන් කූඩුවලින් අලංකාරවත් වූ ‘පොසොන් කලාපය’ ඉකුත්  දින සන්ධ්‍යාවේ ආලෝකවත් විනි.