හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ නිවසට ගිය බීබීසී සිංහල සේවය ඔහුගෙන් ප්‍රශ්න කිරීම් කිහිපයක් සිදු කර තිබේ. මැතිවරණ උණුසුම නිසා ඔහු එම අවස්ථාවට කැමැත්තෙන් ඉදිරිපත්ව ඇති අයුරක්ද පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් මෙහිදී බීබීසී ප්‍රශ්න විචාරක හිටපු ජනපති සිරකරන ප්‍රශ්න කිහිපයක්ම විමසයි.
ඒවා බරපතල ප්‍රශ්න වන අතර ඒවායින් ඔහු ගැලවී යන්නේ
විමතිය හා හාස්‍යය ඉතිරි කරමිනි.
පසුගිය වසරේ පාස්කු සිදුවීමට එල්ලවන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති, සේනාධිනායක, ආරක්ෂක ඇමති සහ පොලීසිය භාර ඇමතිවරයා ලෙස ක්‍රියා කළේ මෛත්‍රීපාල සිරිසේන ඒ ගැන වගකියන්නේ නැතිදැයි කළ විමසීමේදී ඔහු පිළිතුරු දෙන්නේ මම වගකියන්නෙ මොකටද ලෙසිනි.

තමාට කිසිවෙකු තොරතුරු ලබා නොදුන් පසුබිමක තමාට එම ප්‍රශ්නය අදාළ නැති බව ඔහුගේ අදහසයි.

කුඩු ජාවාරම් සිරකරුවන්ට මරණ දඩුවම ලබාදීම ගැන තමාට ක්‍රියාකළ නොහැකිවූයේ එයට තමා මුල්පියවර තැබුවත් පාර්ලිෙමේන්තුවේ විපක්ෂ නායක හා ආණ්ඩු පක්ෂ නායක එයට එරෙහිව කතා කිරීමත් උසාවි නඩුවක් ගොනුවීමත් නිසා බව ඔහු කියා සිටියේය.

ජූඩ් සාමන්ත නිදහස් කිරීම ජූඩ්ගේ අධ්‍යාපන අවශ්‍යතා මත සිදු කළ උපකාරයක් බවත් තමන්ට සතයක්වත් නොලැබුණ බවත් ඔහු කියයි.
අධ්‍යාපන අවශ්‍යතා ඇති අනෙක් අයට උදව් නොකළේ මන්දැයි ඇසූවිට තමන් ඒ අයටත් මුදල් උපකාර කර ඇති බව ඔහු කියා සිටියේය.

එම වීඩියෝ ඛන්ඩය පහතින්