එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයකුව සිටියදී කරුණා අම්මාත් හමුදා සෙබළු ඝාතනය කළේ එක්සත් ජාතික පක්‍ෂයේ එකල සිටි නායකයන් එම සංවිධානයට ලබාදුන් ආයුධවලින් යැයි  කිසිවකුට රහසක් නොවන බව
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කුලියාපිටිය ප්‍රදේශයේදී කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂකෙයන්ට සහය දක්වමින් කුලියාපිටිය ප්‍රදේශයේ පෙරේදා (23) පැවැති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය

අගමැතිවරයා මෙසේද පැවසීය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයකුව සිටීයදී තමන් හමුදා සෙබළු ඝාතනය බවට කරුණා අම්මාන් කළ ප්‍රකාශය විපක්‍ෂ වේදිකාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්වෙලා. ඒත් එම සංවිධානයට ආයුධ දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් විපක්‍ෂ වේදිකාවෙන් කිසිදු හඩක් නැගෙන්නේ නැහැ. කරුණා අම්මාන් එදා අපේ සිංහල සෙබළු මැරුවේ එක්සත් ජාතික පක්‍ෂ නායකයින්ට එල්.ටී.ටී.ඊ සංවිධානයට දුන් ආයුධවලින්. ඒ බව අද බොහෝ දෙනෙක්ට අමතක වෙලා.  ඒ වගේම අපි කරුණා අම්මාගේ ඉතිහාසය දන්නවා. ඒ ඉතිහාසය හංගන්න දෙයක් නෙවෙයි. ඉතා ශක්තිමත් දේශපාලන පක්‍ෂයක් වූ එක්සත් ජාතික පක්‍ෂය නැවත ගොඩනැගිය නොහැකි ලෙස දෙකඩ වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානයට ආයුධ දුන් එවැනි නායකයන් නිසා යැයි ද අගමැතිවරයා කීවේය.

(නාලක සංජීව)