ලබන සැප්තැම්බරයේ පක්ස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කොරෝනා හේතුවෙන් පවත්වන්නට බැරි වුවත් එය ශ්‍රී ලංකාවේදී හෝ එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වීමට
සූදානම් බව පකිස්තානු ක්‍රිකට් පාලක මන්ඩල ප්‍රධාන විධායක වසීම් කාන් මහතා ඊයේ (24) මාධ්‍ය හමුවකදී ඉඟි පළ කර තිබේ.
දැනට අයිපීඑල් තරග නවතා ඇති නිසා ඒ ආකාරයට මෙම තරගාවලියද කොරෝනා නිසා නැවතීමට සූදානමක් ඇතැයි තමන් විශ්වාස නොකරන බව ඔහු කියා ඇත. ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ මෙම තරගාවලිය අනිවාර්යයෙන්ම පවත්වනවා. දැනට කොරෝනා වෛරසයෙන් අඩු පීඩා තත්වයක් ශ්‍රී ලංකාවේ පවතින නිසා බොහෝ දුරට එරටදී මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති. එසේ නොහැකි වුවහොත් එය එක්සත් අරාබි එමීර් වෙත විතැන් වෙනු ඇති.
යනුවෙන් ඔහු අදහස් දක්වා තිබේ.

පකිස්තානය නිල වශයෙන් ආසියානු කුසලානය සඳහා සූදානම් වුවත් පවතින තතවය මත ශ්‍රී ලංකාවට එය ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයිද ඔහු දන්වා ඇත.