අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී ස්තුති කතාව කළ තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොන්ඩමන් මහතා මෙසේ කියා තිබේ.
කොරෝනා වෛරසය පැතිර යෑමේ අවදානම නිසා මාගේ පියාගේ අවසන් කටයුතු නිසි ලෙස සිදු කිරීමට හැකි වුණේ නෑ.  ඔහුට අවසන් ගෞරව දැක්වීමට සියලුම දෙනාට
අවස්ථාව සැලසුණේ නෑ, එහෙම කරන්න බැරි වුණ එක ගැන ලොකු කනගාටුවක් තියෙනවා. ඊට වඩා රටේ ආරක්ෂාව සහ සෞඛයය තත්වය අපට වැඳගත්. මගේ පියත් මේ වැඩපිළිවෙළට කැමති ඇති.

කොරොනා වෙසරය පැතිර යාමේ අවදානම පහව ගියාට පසු ඔබ සියලුදෙනා බලාපොරොත්තු වුණ පරිදි මගේ පියාට පින් අනුමෝදනම් කරමින් පින් කමක් කරන්න අපි සැලසුම් කරලා තියෙනවා.  මාගේ පියා වතුකරයේ සංවර්ධනය පිළිබඳව ගොඩක් සිහින දැක්ක කෙනෙක්.

සියලුම සිහින ඉටු කරන්න අපි හිතාගෙන ඉන්නව. මගේ පියා මිය යන්නට ප්‍රථම වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රු. දහස දක්වා වැඩි කිරීමට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරලා ගෙදරට ඇවිල්ලා බොහෝම සතුටින් අපි ගෙදර හිටියා.

මමයි පියයි විතරයි ගෙදර හිටියේ. අපි සිනාසෙමින් තමයි ගෙදර හිටියේ, එකවරම මගේ පියා ජීවන් කියලා මට කතා කරා මම හැරිලා බලනකෞට මගේ පියා ලොකු හුස්මක් ගත්තා මට තේරුණා. මට මගේ පියාගේ දෑස් වල ලොකු බියක් ඇති වෙලා තියෙනවා කියලා මට හැගුණා , එකෙත් මට තේරුණේ මම මගේ ජනතාව අතඇරලා යනවා කියල. මට කරගන්න දෙයක් තිබුණේ නෑ, රෝහල වෙත පියා රැගෙන යනවිටත් පියා මිය ගිහිල්ලා. තාත්තාගේ බලාපොරොත්තු ඉටු කරන්න මම පොරොන්දු වෙනවා. දිනපතා ඉරු පායනවා මෙන් දිනපතා කුකුළා හඬලනවා ඒක ස්ථිරයි.

ලංකා කම්කරු කොංග්‍රසය ඉදිරියට ගෙනයාම මගේ එකම බලාපොරොත්තුවයි..