කෝවිඩ් 19 වෛරසයේ බලපෑම හේතුවෙන් කල්දැමීමට සිදු වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය හැකිනම් එළඹෙන සැප්තැම්බර් මස මුලදී ශ්‍රී ලංකාචේදී

හෝ පවත්වන්න යැයි හිටපු ඉන්දීය නායකයකු මෙන්ම ප්‍රවීණ විස්තර විචාරයකු වන සුනිල් ගවස්කාර් මහතා ද ''ටයිම්ස් ඔෆ් ඉන්දියා''  පුවත්පතට පවසා තිබේ.
එහිදී ගවස්කාර් මහතා පවසා සිටියේ ඔස්ට්‍රේලියාව සැලසුම්කරගත් පරිදි ඔක්තෝබර් මසදී විස්සයි20 ලෝක කුසලානයට සත්කාරකත්වය දැක්වීමට තීරණය කළහොත්, ඊට ප්‍රථම අයි.පී.එල්. තරගාවලිය පවත්වා තිබීම වඩාත් ප්‍රායෝගික වනු ඇති බවයි.
 ඔස්ට්‍රේලියා රජය දැනටමත් එරට ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රීඩාංගණ ධාරිතාවෙන් 25%ක ප්‍රමාණයකට ප්‍රේක්‍ෂකයන් සඳහා නිදහස් කර ඇති බැවින්, ඉදිරියේදී ඔවුහු 'කෝවිඩි-19" ව්‍යසනයට එරෙහිව සාර්ථකව මුහුණදුනහොත් ඔක්තෝබර් මස අයි.පී.එල්. තරගාවලිය පවත්වනවාට වඩා ලෝක කුසලානය පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බව ඔහු පෙන්වා දෙයි. .  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගවස්කාර් මහතා,
"ඔස්ට්‍රේලියා රජය විසින් විස්සයි20 ලෝක කුසලානය ඔක්තෝබර් මසදී පවත්වන බව නිවේදනය කළොත් සමහර විට කණ්ඩායම්වලට සති තුනකට පෙරවත් ඒ සඳහා ඔට්‍රේලියාවට ළඟාවීමට සිදුවෙයි. විශේෂයෙන් දින හතක පුහුණුවීම් සහ දින 14ක් නිරෝධයනය වී සිටිය යුතුයි.
අයි.සී.සී.ය තීරණය කළොත් විස්සයි20  ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවේදී පැවැත්විය
හැකියි කියලා. ඉන් තහවුරුවෙයි අයි.පී.එල්. පැවැත්වීමේ දුෂ්කර බව. ඒ නිසා අයි.පී.එල්. පැවැත්විය හැකිවෙන්නේ විස්සයි20 ලෝක කුසලානය කල්දැමුවහොත් පමණයි.
 එම නිසා සැප්තැම්බර් මස මුලදී  ශ්‍රී ලංකාවේදී හෝ නැතිනම් එක්සත් අරාබී.
එමීර් රාජ්‍යයේ (UAE) අයි.පී.එල් පැවැත්විය හැකිය.  කියි, එය වඩාත් ප්‍රායෝගික විසඳුමක්.
 සැප්තැම්බර් මාසය ඉන්දියාවට මෝසම් වැසි ඇදහැළෙන කාලසීමාවක්, එය ඉන්දියාවේ අයි.පී.එල්. පවත්වන්න යෝග්‍ය කාලසීමාවක් නෙමෙයි. නමුත් සැප්තැම්බර් මුල සිට ශ්‍රී ලංකාවේදී එක් එක් කණ්ඩායම්වලට එකිනෙකා සමග සිටිය හැකියි.
 "කෝවිඩ්-19’ සමස්ත ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩා කිරීම වෙනස් අත්දැකීමක් වේවී, විශේෂයෙන්  ක්‍රීඩාංගණයේ
ප්‍රේක්‍ෂකයන් නොමැතිව ක්‍රීඩා කිරීම්. ප්‍රේක්‍ෂකයන් සිටින විට ක්‍රීඩාංගණය ගොඩක් වෙනස්. ඒ නිසා නිසැකවම ප්‍රේක්‍ෂකයන්ගේ උද්‍යෝගය ක්‍රීඩකයන්ට අහිමි වේවි. එමෙන්ම මෙවර අයි.පී.එල්. තරගාවලියට
ඉදිරිපත් වන නවක ක්‍රීඩකයන්, ඔවුන්ගේම දක්‍ෂතා ඉදිරිපත් කිරීමට සුදානම්ව සිටියත්, තරගාවලිය පවත්වන්නට නොහැකි වුණොත් ඔවුන් සියලුදෙනාගේ බලාපොරොත්තු බිඳවැටෙනවා" යනුවෙන් පවසා සිටියේය.
 අයි.පී.එල්. තරගාවලිය පසුගිය මාර්තු මස අවසානයේදී ආරම්භ කිරීමට සැලසුම්කර තිබුණද, 'කෝවිඩි-19” වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඉන්දියාව මැයි 03 වැනිදා දක්වා 'ලොක්ඩවුන්’ කිරීමට තීරණය කිරීම හේතුවෙන් තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේය. පසුගිය මාර්තු 29 වනදා ආරම්භවීමට තිබූ විස්සයි20 තරගාවලිය, ඉන්දියාව 'ලොක්ඩවුන්’ කිරීමට පෙර අප්‍රේල් 15 වනදා ආරම්භ කිරීමටද මීට ඉහතදී තීරණය කර තිබිණි.
මාර්තු 29 වැනිදා සිට මැයි 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය මැයි මාසයේදී ආරම්භ කර එය මාසයක තරගාවලියක් දක්වා කෙටි කිරීමටද යෝජනා වූවත්. ඉන්දියාව වෛරසය පාලනයේ අසාර්ථකත්වය හේතුවෙන් එම  තීරණයද අතහැර දැමීමට සිදුවිය.
 අයි.පී.එල්. තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති අතර, එහිදී කණ්ඩායම් 08ක් විසින් ක්‍රීඩකයන් 62 දෙනෙකු මිලදී ගන්නා ලදී. ඒ වෙනුවෙන් ඇ.ඩො. ලක්‍ෂ 184ක් ගෙවීමට එකඟව තිබිණි. ඒ අනුව යම් හෙයකින් මෙවර තරගාවලිය පැවැත්විය නොහැකි වුවහොත්, කිසිම ක්‍රීඩකයකුට හෝ කණ්ඩායමකට මුදල් හිමි නොවනු ඇත.
මීට ඉහත අයි.පී.එල්. සියලු තරගාවලි පවක්වා ඇත්තේ මාර්තු පළමු වැනි සතියේ සිට මැයි මාසයේ අවසන් සතිය දක්වාය.
ආරක්ෂක හේතුන් මත 2009 වසරේ තරගාවලිය දකුණු අප්‍රිකාවටගෙන යන ලද අතර, ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් 2014 වසරේ තරගාවලියේද එක් අර්ධයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විණි.
ලොව වඩාත් ජයප්‍රියත්වයක් උසුලන, ලොව බලගතුම  (franchise cricket) ක්‍රිකට් තරගාවලියද මෙය වේ.

විශ්ව මුදයන්සේ