ETI ගනුදෙනුකරුවන් විසින් පවරා ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් එම
සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිසියට අද වරෙන්තු නිකුත් කරනු ලැබුවා.


ETI සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අයට එරෙහිව මෙම වරෙන්තු නිකුත් කර ඇත.සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසු ඊඒපී එදිරිසිංහ දේපළ කිහිපයක් හැර ස්වර්ණවාහිනී ඇතුළු බොහෝ ඒවා විකුනා දමන්නට පවුලේ දරුවන් කටයුතු කළ අතර නොවිකුණා ඉතිරිවූ එකක් වූයේ ප්‍රශ්නගත ඊටීඅයි මූල්‍ය සමාගමයි.