එක්සත් ජනපදයේ වෙසෙන පවුලක් ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් පුරවා ඇති විශාල බෑග් දෙකක්  පාර මැද තිබීයදී සොයාගෙන ඇත.
සෙනසුරාදා එම පවුල රිය පදවමින් සිටියදී ඔවුන්ගේ රථය බෑගය උඩින් ගොස් තිබේ. ඔවුන් මුලදී වාහනය කසළ ගොඩක් උඩින් ගමන් කළා යැයි සිතුවද ඒ අසල තිබූ වළක තවත් බෑගයක් තිබුණු බැවින් ඔවුන් ඒ පිළිබඳව අවධානය යොමුකොට තිබේ. පසුව මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ප්‍රවෘත්ති නාලිකාවකටද ඔවුන් විස්තර පවසා තිබුණි.


අනතුරුව ඔවුන් නිවසට පැමිණි පසු ඔවුන්ගේ පිකප් ට්‍රක් රථයේ පිටුපස ඇති බෑග් දෙක තුළ ප්ලාස්ටික් වලින් ඔතා ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් තිබූ බව ඔවුන්ට වැටහී තිබේ. පසුව ඔවුන් කැරොලයින් ප්‍රාන්තයේ පිහිටි ප්‍රාදේශීය ෂෙරිෆ් දෙපාර්තමේන්තුවට එම බෑග් ලබා දී තිබේ.

කෙසේවෙතත් ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් ආපසු ලබා දීමට තරම් අවංක වූ මෙම පවුල ඉතා සුවිශේෂී යැයි ද එම දෙපාර්තමේන්තුවේ මේජර් ස්කොට් මෝසර් විසින් පවසා ඇත.

මෙම බෑගය දෙපාර්තමේන්තුවට භාරදුන් එමිලි ස්චැන්ට්ස්, ඇගේ පවුලේ අය හරි දේ කරන බවත් එම බෑගය අපට අයිති නැති බවත් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. වීදිය මැද මුදල් වැටී තිබුණේ කෙසේදැයි නොදන්නා නමුත් එම මුදල් මේ වන විට බැංකුවකට යවා ඇති බව බලධාරීන් පවසා ඇත
Rishmi Ishara