[Trending][btop]
[News][stack]

ට්‍රම්ප්ගේ 'කුංග් ෆ්ලු' කතාවට චීනය දැඩිව ප්‍රතිචාර දක්වයි

ඕනම රටකට අපකීර්තියක් ඇති කිරීම සඳහා නව කොරෝනා වෛරසයේ මූලාරම්භය භාවිත කිරීමට උත්සාහ කරන්න ඕනැම වචන හෝ ක්‍රියාවකට චීනය තදින්ම විරුද්ධ බව චීනය අවධාරණය කරයි.
 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා පැවති මැතිවරණ ප්‍රචාරක COVID-19 වසංගතය 'කුංග් ෆ්ලු' (කුංග් උණ) ලෙස හැදින්වීම චීනයේ මෙම දැඩි ප්‍රතිචාරයට හේතු විය. ට්‍රමිප් මීට පෙර වෛරසය "චයිනීස් වෛරස්" ලෙස හඳුන්වා තිබුණි.

 ට්‍රම්ප්ගේ ප්‍රකාශය පිළිබඳ පැනයකට පිළිතුරු දෙමින් චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පැවසුවේ, "ඕනෑම රටකට අපකීර්තියක් ඇති කිරීම සඳහා නව කොරෝනාෙ වෛරසයේ මූලාරම්භය භාවිත කිරීමට උත්සාහ කරන ඕනෑම වචන හෝ ක්‍රියාවකට චීනය තදින්ම විරුද්ධ වෙනවා" යනුවෙනි.

 ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාවද ඕනෑම විශේෂිත රටකට හෝ කලාපයකට වෛරසය සම්බන්ධ කිරීමට පැහැදිලිවම විරුද්ධ බවද ෂාඕ වැඩිදුරටත් සඳහන් කළේය.