න්ත්‍රී දේශපාලනයෙන් ඉවත්වන බවට ප්‍රකාශයක් කර සමගි බලවේගයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මේ වනවිට අරඅඳින්නේ කුමකටද යන්න ගැන දේශපාලන ක්ෂෙත්‍රයේ කථාබහක් මතුව තිබේ. නිදහස් දිනයේ මහින්ද ශිරන්ති සමග
ඡායාරූප වලට පෙනී සිටීමෙන් පසු අතුරුදන්ව සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හොරගොල්ල වලව්වේදී මංගල සමරවීර ඊයේ හමුවී තිබෙනවා. සමාජ මාධ්‍ය තුළ මෙම ඡායාරූපය විවිධ අර්ථ ගන්වමින් පැතිරිණි.
මෙය ඔවුන් දෙදෙනාගේ දේශපාලන ජීවිතයේ වෙනස් පැතිකඩක්ද යන්න එක් අර්ථදැක්වීමකදී ප්‍රශ්නයට නගා තිබුණි.

රනිල් - සජිත් බෙදීමෙන් පසු පැත්තක් ගන්න අපහසු බවඅඟවමින් මහ මැතිවරණ සටනින් තමන් ඉවත්වන බවට මාතර පැවති මාධ්‍ය හමුවකදි මංගල සමරවීර කියා සිටි නමුත් තමන් දේශපාලනයෙන් මුළුමණින් සමුගන්නේ නැතැයිද කියා තිබුණි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගදට හිමිව තිබූ ශ්‍රීලනිප ස්ථානයද අහිමි වෙමින් පවතින අතර පසුගිය යහපාලන ආණ්ඩුව ගොඩ නැගීමට ඇය මහත් වෙහෙසක් ගෙන කටයුතු කළත් ශ්‍රීලනිපයේ වෙනස්කම් දැන් ඇගේ පාලනයෙන් ගිලිහී ඇත.
1994 චන්ද්‍රීකා ජනපති කරවූ සටනේ දී ඉදිරියෙන් සිටි මංගල ඇගේ අග සව්වෙකු ලෙසින් කාලයක් දේශපාලනයේ හඳුන්වා තිබුණි.