ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය සමඟ සම්බන්ධ වී ආසිරි පෞද්ගලික රෝහල් ජාලය විසින් ආරම්භ කිරීමට නියමිත පෞද්ගලික වෛද්‍ය පීඨය මගින් ලබා දෙන වෛද්‍ය උපාධිය පිළි නොගැනීමට
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම වෛද්‍ය සභාවේ වගකීමක් බැවින්, ඔවුන් මෙම තීරණය ගෙන ගත් බව, වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී, වෛද්‍ය ආනන්ද හපුගොඩ මහතා දැනුම් දී තිබේ.