නව කොරෝනා වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා 100 හැවිරිදි කාන්තාවක් මොස්කව් රෝහලකින් පිටව ගොස් ඇත. මෙම දුර්වල හා ශුභදායී පුවත රුසියානු මාධ්‍ය විසින් පල කර තිබුණේ එම කාන්තාවගේ 100 වන උපන් දිනය දාය. මෙම කාන්තාව නමින් පෙලගේයා පොයාර්කෝවා වේ.


මෙම පුවත සමඟ පල වූ ඡායාරූපයේ 100 හැවිරිදි කාන්තාව මුහුණු ආවරණයක් පැළඳ රතු රෝස මල් කළඹක් සමඟ රෝද පුටුවකින් පිටතට යන ආකාරය දිස් වේ. එමෙන්ම ඇයට ප්‍රතිකාර කළ මොස්කව් වෛද්‍යවරුන් මෙන්ම මාධ්‍යවේදීන්ද එම ඡායාරූපයේ දක්නට ඇත.

මැයට වෛරසය වැළඳී ඇත්තේ වෙනත් රෝහලක රෝගියෙකුගෙන් බව තහවුරු වී ඇති අතර ඇය ඊට ධනාත්මක වීමෙන් පසු මොස්කව් බ්‍රේන් සෙන්ටර් වෙත මාරු කර ඇත. රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෙසෙවොලොඩ් බෙලොව්සොව් විසින් ඇය දැඩි මහලු කාන්තාවක් වුවත් ඇයට දැඩි සත්කාර අවශ්‍ය නොවූ බව රුසියානු රූපවාහිනියට පවසා තිබුණි.

මොස්කව්හි උපත ලැබූ මෙම වයෝවෘද්ධ කාන්තාව මේ වන විට සිය දියණිය සහ බෑණා සමඟ ජීවත් වේ. දෙවන ලෝක සංග්‍රාමයේදී ඇගේ ස්වාමිපුරුෂයා ඝාතනයට ලක්ව ඇත. කෙසේ වෙතත් කොරෝනා වෛරසය වැඩිහිටි පුද්ගලයින්ට සහ නිදන්ගත රෝග ඇති අයට වඩාත් භයානක වුවද මෙම කාන්තාව ඉන් සුවය ලැබීම හේතුවෙන් බොහෝ දෙනෙක් සතුටට පත්ව ඇත.

රුසියාව තුළ මේ වන විට නව කොරෝනා වෛරස රෝගීන් 2 42,271 ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනුව එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ දෙවන ස්ථානයට පත්ව ඇති රට මෙයයි.

රිෂ්මි ඉෂාරා