පසුගිය සතියේ ලෝක පියවරුන්ගේ දිනය යෙදී තිබූ බව අප සියලු දෙනා දනී. අමීර් ඛාන්ගේ දියණිය වන ඉරාද ඉරිදා දිනට යෙදී තිබූ පියවරුන්ගේ දිනය ප්‍රීතිමත් ලෙස සමරා තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ තම පියා සමඟ පින්තූරයක්ද බෙදාහදා ගනිමිනි.
ඇගේ මේ පින්තූරයේ අමීර් ඛාන් පුටුවක් මත හිඳගෙන සිනාසෙන අතර ඉරා ඇගේ පියා පිටුපසින් පෙනී සිටී. ඉරා හිස්වැස්මක් පැළඳ සිටින අතර අමීර් කළු පැහැති ටී ෂර්ට් එකකින් සැරසී සිටී. මෙම ඡායාරූපය පල කල සැනින් රසිකයන්ගේ දැඩි අවධානයට ලක් වූයේ අමීර් ඛාන්ගේ අළු පැහැති හිසකෙස් සඳහාය. බොලිවුඩයේ සුප්‍රසිද්ධ තරුවක් වන 55 හැවිරිදි මොහු තම හිසකෙස් වර්ණයට ගැළපෙන පරිදි කණ්නාඩි යුගලයක් පැළඳීම තුළින් විශේෂිත විලාසිතාවක්ද නිරූපනය කරමින් වෙනම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට උත්සහගන්නා බව පෙනේ.

කෙසේවෙතත් දියණිය ඉරා සිය ඡායාරූපය බෙදාහදා ගනිමින් “Happy Father's Day!Thanks for being you.#fathersday#love.”යනුවෙන් සටහනක්ද එහි ඉදිරිපත් කර තිබුණි.

මුලදී සංගීතය හැදෑරූ ඉරා පසුගිය වසරේදී අධ්‍යක්ෂණයට පිවිසියේ Euripides Medea හි නාට්‍යමය අනුවර්තනයත් සමඟිනි. ඇගේ සහෝදරයන් වන ජුනයිඩ් ඛාන් සහ හසෙල් කීච් ද ඒ සඳහා රංගනයෙන් දායක වී තිබේ.

අමීර් ඛාන්ගේ පළමු බිරිඳ වන රීනා දුත්තා සමඟ ඔහුට දරුවන් දෙදෙනෙකු සිටී. ඉරා යනු එම දරුවන් දෙදෙනාගෙන් දෙවැන්නායි. 2005 දී අමීර් ඛාන් කිරාන් රාඕ සමඟ නැවත විවාහ වූ අතර ඔහුට අසාද් රාඕ ඛාන් නම් පුතෙක්ද  සිටී.

අමීර් ඛාන් මීළඟට ලාල් සිං චද්ධා සහ කරීනා කපූර් ඛාන් සමඟ බොලිවුඩ් තිරයේ පෙනී සිටීමට නියමිතය. මොනා සිං ද එහි වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර අද්වයිට් චන්දන් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරයි. 1994 වසරේ ටොම් හැන්ක්ස් විසින් ප්‍රධාන චරිතයට පණ පොවනු ලැබූ හොලිවුඩ් සම්භාව්‍ය ෆොරස්ට් ගැම්ප්හි ඉන්දියානු අනුවර්තනය මෙසේ ඔවුන් චිත්‍රපටයට නගා ඇත.

අමීර් සහ කරීනා සම රංගනයෙන් දායක වන තුන්වන චිත්‍රපටය මෙයයි. මීට අමතරව ඔවුන් 3 Idiots (2009) සහ Talaash යන චිත්‍රපට දෙකෙහි සම රංගනයෙන් දායක වී ඇත.