කල්බදු සමාගමක සේවකයින් පිරිසක් යැයි කියන කණ්ඩායමකගේ අමානුෂික පහර කෑමකින් ඝාතනයට ලක් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ
දේහය පිළිබද අවසන් කටයුතු
කැස්බෑව පොදු සුසාන භූමියේදී අද (14) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.
සුනිල් ජයවර්ධන මහතාට ගෞරවයක් දැක්වීම පිණිස, අද පස්වරුවේ විනාඩි 30 ක කාලයක් සදහා ත්‍රීරෝද රථ ධාවනයෙන් ඉවත්වීමට සංගමය තීරණය කර තිබුණි ඒ අනුව අද සවස 2.30 සිට 3.00 දක්වා එම අවස්ථාවට එක් වන්නැයි සියලු ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.