ඉන්දියාවේ සත්කාරකත්වයෙන් 2011 වසරේ පැවැති ඉක්දින ලෝක කුසලානයේ අවසන් මහ තරගය පාවාදීමක් සිදුව ඇති බව හිටපු ක්‍රී අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
රූපවාහිනි හා වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව අද (18දා) සඳහන් කළේය.



“මම අද කියනවා 2011 ලෝක කුසලානය වික්කා කියලා. මම අද ඉන්නවා එතන. මම ඒක වගකීමෙන් කියන්නේ. ඒකට තියෙනවා (සාක්ෂි). මම ඒක රටක් හැටියට හෙළි කරන්න කැමති නෑ.

මම කියන්නේ 2011 ද 2012 ද මට අවුරුද්ද මතක නෑ අපිට ඉන්දියාවත් එක්ක ගහන්න තිබ්බ තරගය මම කියනවා අපි පාවාදීමක් කළා කියලා.මට දැනෙනවා ඒ ගැන. මට ඒ ගැන විවාදයක් කරන්න පුළුවන්. මට ඒ ගැන කථා කරන්න පුළුවන්. ඒ ගැන ජනතාව අතර විශාල කතාවක් තිබෙනවා.මම මේකට ක්‍රීඩකයන් සම්බන්ධ කර ගන්නේ නෑ. හැබැයි යම්කිසි පාර්ශ්වයන් විසින් මේකට සම්බන්ධවෙලා කටයුතු කළා.