ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතා පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ, ප්‍රතිකාර ලබන බව ඔහුගේ පුත් ලෙලුම් රත්නායක වීඩියෝවක පෙනී සිටිමින් තහවුරු කර තිබේ. ඔහු පැවසුවේ තම පියාගේ වකුගඩු වල ඇතිවූ ආබාධ තත්වයක් හා හුස්ම ගැනීමේ අපහසුතා ලක්ෂණ හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර සඳහා යොමු කළ බවයි.
තමා පියා බැලීමට වරක් ගිය බවත් දෙවැනි වර යාමට උත්සාහ කරද්දී
වික්ටර් රත්නායක

නව බිරියගේ ඥාතී පාර්ශ්වයේ විරෝධයක් පැනනැගුණ බවත් ඔහු එහිදී විස්තර කරයි.
කෙසේ වෙතත් වික්ටර් රත්නායක බිරිය හෂිනි පසුව තම බිරියට ඇමතුමක් ලබාදී වික්ටර් රත්නායක මහතාගේ මුඛය ඇදවීමක් පවතින බවට දන්වා සිටි බවත් නැවත පැමිණෙන්න ආරාධනා කළ බවත් ඔහු දන්වා සිටියේය. පියාගේ සෞඛ්‍ය තත්වය ගැන තමා වරින්වර යාවත්කාල කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කීය.
සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළවන බැවින් නිවැරදි මතය සමාජගත කිරීමට මෙම වීඩියෝවෙන් අපේක්ෂා කරන බවද ඔහු කීය.
ලෙලුම් රත්නායකගේ ප්‍රකාශය අඩංගු වීඩියෝව පහතින්.