යේ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් රාජගිරිය මැක්ඩොනල්ඩ් අසළ ත්‍රීරෝද රථ සේවයක යෙදී සිටින බණ්ඩාරනායක පුර වාසය කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට කොරෝනා ආසාදිත බවට පැවසුණත්
ඔහු ඌන ආසාදිත බවත් ඔහුට කොරෝනා නැති බවත් අද(06) පස්වරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

එමෙන්ම කොළොන්නාව සාලමුල්ලේ පදිංචිකරු  සහ මාළඹේ පදිංචි ජාතික රෝහලේ හෙද පාලිකා නිලධාරිනියටද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී නොමැති ඌන ආසාදිතයින් බව ඔහු කීය.
නැවත සිදුකළ පරීක්ෂණවලින් ඔවුන් සෘණාත්මකවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  අනිල් ජාසිංහ පැවසීය.


මොවුන් නිසා නිරෝධායනයට යොමු කළ අයට දැන් ඒ අනුව අවදානමක් නැත.
ඔවුන් තිදෙනා ඌන ආසාදිතයින් ලෙස නම් කළත් 'ඌන ආසාදිත' යන්න අර්ථ ගැන්වූයේ මුලින් ධනාත්මකවී පසුව සෘණාත්මක වීමද නැතිනම් වෙනත් දෙයක්දැයි පැහැදිලි නැත.

මේ ආකාරයට පිළියන්දල ප්‍රදේශය කැළඹූ මාළු වෙළෙන්දාද ඉක්මණින් රෝහලින් පිටත් කරේ කොරෝනා සෘණාත්මක බව දෙවන තෙවැනි පරීක්ෂණ වලදී හෙළිවීමෙනි. එසේම පිළියන්දල 87 හැවිරිදි මියගිය පුද්ගලයෙකුගේද ආසාදන තත්වයන් ගැන වැරදි නිගමන මින් ඉහත ලැබී තිබුණි.

චීනයෙන් ආනයනය කරන කොරෝනා පරීක්ෂණ කට්ටලවල දෝෂ සහගත තත්වයන් නිසා ලෝකයේ රටවල් කිහිපයක්ම එම කට්ටල ආපසු හරවා යැවූ සිදුවීම්ද පසුගිය කාලයේ වාර්තා විය.
අවසන් වරට සිදුකළ පරීක්ෂණ අනුව මෙම පුද්ගලයින් තිදෙනාට ආසාදන තත්ත්වයක් නොමැති බව පසුව තහවුරු වී ඇති අතර මෙම තිදෙනාගේ නම් ආසාදිත ලේඛනයෙන් ඉවත් කළ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.