නිරෝධායන නීති කඩමින් නැසීගිය දේශපාලනඥ තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ඔහුගේ දියණියක සම්බන්ධවී සිටින බවට සමාජ මාධ්‍ය වාර්තා පළව තිබේ.
කෙසේ වෙතත් මේ ගැන වැඩිදුර විමර්ශනයේදී
හඳුනාගන්නට ලැබෙන්නේ තොණ්ඩමන් මහතාගේ වෛද්‍ය වෘත්තියේ නිරත දියණියන් දෙන්නාගෙන් එක් අයෙකු වන නාචියාර් විදෙස් ගතව සිට (ඕමානයේ) ලංකාවට ආ පසුව නිරෝධායන නීති අනුගමනය කරමින් අවසන් ගෞරව සඳහා නොපැමිණි බවත් ඇයට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් අවසන් ගෞරව දක්වන්නට අවස්ථාව සලසා ඇති බවත්ය.


තොන්ඩමන් මහතාගේ අනෙක් දියණිය වන විජී තොණ්ඩමන් ඔහු මියයන අවස්ථාවේත් ලංකාවේ නිවසේ සිටි අතර මියයන අවස්ථාවේ ඔහු අසළින්ද සිටියාය. ඇගේ ඡායාරූප හා නාචියාර්ගේ ඡායාරූප පටළවා පළ කරමින් නිරෝදායන නීති උල්ලංඝනය කර ඇති බවට වැරදි වාර්තා පළව තිබේ.

තිදරු පියෙකු වන තොන්ඩමන් මහතාග‍ෙ දියණියන් දෙදෙනා විජී හා නාචියාර්ය. ජීවන් තොණ්ඩමන් එකම පුත‍්‍රයාය.