අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද හිටපු පාර්ලිමේන්තු. මන්තී‍්‍රවරුන්ගේ රැස්වීම අරලියගහ මන්දිරයේදී මේ වන විට පැවැත්වෙන අතර පැවති පාර්ලිමේන්තුවේ
ආණ්ඩුවට සහය දැක්වූ මන්ත්‍රීවරුන්ට අමතරව
දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්දන් සහ එම්. ඒ. සුමන්තිරන් යන හිටපු මන්ත්‍රීවරුන් දෙන්නා පමණක් මෙම රැස්වීමට සහභාගී වී සිටින බව ආග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
මෙම රැස්වීමට ආරාධනා ලද සමගි පිළ,එජාපය හා ජවිපෙය එයට එක් නොවන බව කලින් දැනුම් දී තිබුණි.

ව්‍යසනයේ වත්මන් තත්ත්වය සහ ඉදිරියේදී අපේක්ෂිත තත්ත්වයන් පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ බුද්ධි අංශ විසින් සිදු කර තිබේ.
 අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා, මුදල් ලේකම්වරයා සහ කොවිඞ් -19 ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයන්ද රැස්වීමට සහභාගී වී සිටින බව පැවසේ.