[Trending][btop]
[News][stack]

අගමැති මහින්ද කැඳවූ රැස්වීමට ජවිපෙත් නෑ -සමගි පිලත් නෑ

මැයි 04 වන දින අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති රැස්වීමට තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවන බව එම පක්ෂයේ නායක අනුර
කුමාර දිසානායක අගමැතිවරයාට ලිපියක්
යොමු කරමින් ඊයේ සවස දන්වා තිබූ අතර  සමගි ජන බලවේගයද සහභාගීත්වය ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙර්රා මහතා  සඳහන් කර ඇත. සමගි ජන බලවේගය නියෝජනය කරන සියලු පක්ෂවල නායකයන්ගේ අනුමැතිය මෙම තීරණයට ලැබුණු බව ඔහු සඳහන් කර තිබේ.

කොරෝනා ව්‍යසනය පැරදවීමට හා පවතින තත්ත්වය පිළිබඳව අදහස් විමසීමට ඒ සඳහා ව්‍යවස්ථාමය බලය සහිත පාර්ලිමේන්තුව යළි කැඳවනවා වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම අගමැති නිල නිවසට කැඳවා කරන සාකච්ඡාවක් ඵල සහිත දෙයක් ලෙස නොදකින බව ජනතා විමුක්ති පෙරමුණේ අදහස  විය.