කෝටිපතියෙකුගේ පෞද්ගලික රොකට් යානාවක් අභ්‍යවකාශගත කිරීම දශක ගණනාවක් පුරාවට නාසා ආයතනයේ ඉලක්කයක් වී තිබිණ. එය මැයි 27 දිනයට යොදා තිබුණි.
 සුප්‍රකට ව්‍යාපාරික හා ඉංජිනේරු එලොන් මාස්ක් ඉතිහාසගත කරමින් මුල්ම පුද්ගලික රොකට් යානය
අභ්‍යාවකාශයට යොමු කිරීම සිදුවන්නට නියමිතවූයේ එදිනයි. නමුත් ඔහුගේ ස්පේස්එක්ස් වයාපෘතිය කාලගුණ ගැටලු මත තරමක් කල් ගත්තේය.මෙම ව්‍යාපෘතිය නිරීක්ෂණයට ඇමරිකානු ජනපතිවරයා හා උපජනපතිවරයාද ඊයේ ගොස් තිබුණි.

30 සෙනසුරාදා පැහැදිලි අහසක් බලාපොරොත්තු වෙන බවත් එදිනට මෙය වෙනස් කර ඇති බවත් වාර්තාවේ.

පෞද්ගලික ගගනගාමී ආයතනයක් වන SpaceXහි රොකට් යානය ගගනගාමීන්ද සමඟ අභ්‍යවකාශගත වීමට සියල්ල සූදානම්ව පැවතුණි. නමුත් SpaceXට හෝ නාසා ආයතනයටවත් පාලනය කළ නොහැකි කාලගුණය හේතුවෙන් එම යානය පිට වීම අත්හිටුවීමට සිදු විය. මෙම සතියේ සෙනසුරාදා දින දිවා කාලයේදී නැවතත් SpaceX පිටත් වීමට උත්සාහ කිරීමට නියමිතය. නමුත් SpaceX මගින් මීට පෙර පුද්ගලයන්ව රැගෙන යන රොකට්ටුවක් අභ්‍යවකාශගත කර නොමැත.

එමෙන්ම නාසා ආයතනය මගින් මෙතරම් භාරදූර වගකීමක් මීට පෙර කිසිම කොන්ත්‍රාත්කරුවෙකුට පවරා නොමැතිය. අලුත්ම අභ්‍යවකාශ යානාවක ඇමරිකානුවන් අවසන් වරට ගමන් කළේ 1981දීය.

මෙම අභ්‍යවකාශ සංචාරය සාර්ථක වුවහොත් එය ඇමරිකාවේ නව අභ්‍යවකාශ වැඩසටහනක ආරම්භය සනිටුහන් කළ හැකි බව මතයයි. නාසා ආයතනය මගින් මෙය වෙනත් ආයතනයකට පවරා තිබෙන්නේ එය අවදානම් සහිත කාර්යයක් වන බැවින් විය හැකිය. මන්ද මිනිසුන්ව අභ්‍යවකාශයට රැගෙන ගොස් නැවත පෘථිවි නිවස්නය කරා රැගෙන ඒම සුළුපටු කාර්යයක් නොවේ.


මෙම පෞද්ගලික අභ්‍යවකාශ යානයේ ප්‍රථමයෙන් ගමන් ගැනීමට සූදානම්ව සිටින්නේ ඩග්ලස් හර්ලි සහ බොබ් බේන්කන්ය. මෙය අතිවිශිෂ්ට අත්හදා බැලීමක් වන අතර ව්‍යාපාරික ආයතනවලටද ඉදිරියේදී මිනිසුන්ව අභ්‍යවකාශයට රැගෙන යෑමේ අවස්ථාව උදා වීමට මෙම අත්හදා බැලීම ‍හේතු විය හැකිය. එමෙන්ම ඉදිරියේදී ගගනගාමීන් සහ අභ්‍යවකාශ සවාරියක් සඳහා මිල ගෙවිය හැකි පුද්ගලයන්ව අභ්‍යවකාශගත කිරීමට SpaceX බලාපොරොත්තුවෙන් සිටියි.

නමුත් අභ්‍යවකාශගත වීම ඉතාමත් අවදානම් බැවින් මෙම අභ්‍යවකාශගත වීම ශෝකාන්තයකින් අවසන් වුව‍ොත් එම බලාපොරොත්තු සියල්ල සුන් වී යා හැකිය. මෙම ගමනේ ආරම්භයේ සිට අවසානය දක්වා ගගනගාමීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ආයතනය මගින් යම් රෙගුලාසි නියම කර තිබෙන බව වාර්තා වේ.
(The Atlantic ඇසුරිනි)
එස්. දහනායක
[May28, 2020 - Gossiplankanews.com]