සංජේ දත් මෑතකදී රිෂි කපූර් සහ රන්බීර් කපූර් සමඟ ඡායාරූපයක් බෙදාහදා ගෙන තිබුණි. එම ඡායාරූපයට ඉහළින් ඔහු සඳහන් කර තිබුණේ ‘ඔහු සෑම විටම මට වැඩිමහල් සහෝදරයෙක් විය’ යනුවෙනි.
රිෂී කපූර් නම් ප්‍රවීණ රංගවේදියා බ්‍රහස්පතින්දා මිය යාමෙන් පසු සංජේ දත් විසින් රිෂි කපූර් සහ ඔහුගේ පුත්
රන්බීර් සමඟ සිටින ඡායාරූපය මෙසේ බෙදා බෙදාහදා ගන්නා ලදී.


ප්‍රවීණ නළු සංජේ දත් පවසන්නේ රිෂි කපූර් තමන්ට වැඩිමහල් සහෝදරයකු වූ බවයි. පසුගිය කාලයේ ඔහු ලියුකේමියාව සමග පොරබදිමින් සිට ජීවිතයෙන් මෙසේ සමුගැනීම තමන් හට මහත් චිත්තාවේගයක් ඇති කළ සංවේදී පුවතක් වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි. එනමුත් තමන්ගේ වැඩිමහල් සහෝදරයකු වන් රිෂී කපූර්ගේ මතකය කිසිදිනක තමන් තුළින් ඈත් නොවන බව ඔහු පවසා තිබේ.

රිෂී කපූර්ගේ මතකය අවදි කරමින් සංජය දත් තවදුරටත් පවසා ඇත්තේ රිෂී කපූර් මහත්මා තමාට ලබාදුන් වටිනාම ඔවදනක් වන්නේ "නිතරම අපගේ මුහුණ තුළ සිනහව රඳවා ගන්න" යැයි පැවසීමයි. සැබැවින්ම ඔහු සියලුදෙනාගේ සතුට වෙනුවෙන් බොහෝ දේ සිදු කළ අපූරු මිනිසෙකි. ඇත්තටම ඔහු තමන්ට වැඩිමහල් සහෝදරයකු මෙන් දැනෙන බව ද සංජය දත් පසුගිය දිනක සදහන් කර තිබුණේ රිෂී කපූර්ගේ මතකය සදහටම තමන්ගේ සිත තුළ සනිටුහන්ව ඇති බවද පසක් කරමිණි.


සංජේ දත් සහ රිෂි කපූර් Hathyara  Sahibaan, Agneepath වැනි චිත්‍රපටවල රාශියක එකට වැඩකටයුතු කර ඇත. මේ චිත්‍රපට හරහා රිෂී කපූර් සහ තමන් අතර දැඩි සුහදශීලී මිතුරුකමක් ගොඩ නැගුණු බව සංජේ දත් වැඩිදුරටත් පවසා තිබුණි.

බොලිවුඩ් සිනමාවේ දීප්තිමත් තරුවක් වූ රිශී කපූර් වෙනුවෙන් පැවැත්වූ යාඥාව ඉරිදා දිනයේදී  මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී පැවැත්විණි. රිෂි කපූර්ගේ බිරිඳ වන නීතු කපූර් සහ පුත් රන්බීර් කපූර් මියගිය රිෂී කපූර්ගේ ඡායාරූපය අසල ඉතා ශෝකාන්විතව වාඩි වී සිටිනු දැක්වෙන ඡායාරූපයක්ද අන්තර්ජාලය ඔස්සේ බොහෝ සෙයින් ප්‍රචාරය වූයේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්වද ශෝකයට පත් කරමිනි. කෙසේවුවද බොලිවුඩ් සිනමාවට මිහිරි මතකයන් රැසක් එක්කල රිෂී කපූර් නම් රංගවේදියාගේ මතකය කිසිදිනක ප්‍රේක්ෂකයන්ට අමතක නොවනු ඇත.

රිෂ්මි ඉෂාරා