නව කොරෝනා වෛරසය ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලක්ෂ දෙකකට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත. නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයකු ගේ අවසන් කටයුතු සිදුකල යුත්තේ COVID 19 නිරෝධායන නීති වලට අනුකූලව ය. මේ හේතුවෙන් රුසියානු සමාගමක් ඔන්ලයින්
ෆියුනරල් සර්විසස් (ONLINE FUNERAL SERVICE ) නමින් සේවාවක් අරඹා නිරෝධායනය වන පවුල්වල සාමාජිකයින්ට උපකාර කරීම පිළිබඳ පුවතක් වාර්තා වි තිබේ.

මෙහි සේවාවන් සියල්ල සිදුවන්නේ සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගනිමිනි. වෛරසය හේතුවෙන් තම සමීපතමයන් අහිමි වුණු ජනතාවට රූගත කරන ලද සහ සජීවී විකාශන සේවා විකල්පයන් මෙම සේවාව මගින් හඳුන්වා දී ඇත. අවමංගල්‍යය හා සම්බන්ධ සෑම අංශයක්ම ඉතා නිරවුල් ආකාරයෙන් සංවිධානය කිරීමට මෙම සමාගම කටයුතු කරයි. එමෙන්ම ජනතාවට සේවාවන් පිළිබඳ විමසීම් ලබා ගැනීම සඳහා විධිමත් ක්‍රියාවලියක්ද සංවිධානය කර ඇත.

COVID 19 වෛරසයෙන් අසරණ භාවයට පත් වූ පුද්ගලයින්ට සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙම online funeral servicesහි  සහාය ඉල්ලා සිටිය හැකිය. මෙම සේවාව මගින් සුසාන බිම් ඇති පවුල් සඳහා සුසාන භූමියේ රූගත කිරීම් ලබාදීම, මියගිය අය මෘත ශරීරාගාරයට නොමිලේ ප්‍රවාහනය කිරීම , අවමංගල්‍ය ලියකියවිලි සකස් කිරීම ආදී බොහෝ සේවාවන් මෙම සමාගම විසින්  සිදුකරදෙනු ඇත.

මීට අමතරව ගෝලීය වෛරස වසංගතයට ප්‍රතිචාර වශයෙන් ප්‍රජා සහයෝගයේ කොටසක් ලෙස සියලුම අවමංගල්‍යය මෝටර් රථ භාවිතයට පෙර සහ පසු විෂබීජහරණය කරීම මෙහිදී සිදු කරනු ලබයි. එමෙන්ම වාහන සහ මෘත ශරීරාගාරයේ වායු පිරිසිදු කිරීමේ පද්ධතියක්ද සකස් කර ඇත. මීට අමතරව මෙම සේවාව මගින් අවශ්‍යතා වෙනුවෙන් ගමන් කළ නොහැකි පුද්ගලයින් සහ කණ්ඩායම් සඳහා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් සුසාන භූමි චාරිකා ද සපයයි.

මේ සියළුම සේවාවන්ට ඩිජිටල් ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කරමින් සිදු කිරීමට සමාගම වග බලාගෙන ඇත. එමෙන්ම මෙම සේවාව හරහා බොහෝ දෙනෙක්ට තමන්ගේ සමීපතමයන්ගේ අවමංගල්‍ය කටයුතු ඉතා විශ්වාසනීයව පහසුවෙන් සිදු කර ගැනීමට අවස්ථාව උදාවී තිබේ.
(රිෂ්මි ඉෂාරා)