මහ පරිමාණ සහල් මෝල් හිමියන් සහ ජනාධිපතිවරයා අතර අද පැවති සාකච්ඡාවෙන් පසුව සහල් සඳහා
නියම කර ඇති උපරිම මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව දැනට කිලෝ ග්‍රෑම් 01 රුපියල් 90ක් ලෙස උපරිම මිල නියම කර ඇති නාඩු සහල් වල උපරිම මිල කිලෝ ග්රැම් 01 ක් රුපියල් 96ක් දක්වා වැඩි කරන්නට එකඟවී ඇත.
සම්බා සහල් කිලෝ ග්‍රෑම් 01ක උපරිම මිල 98ක් ලෙසද ඉහළ දමන්ට තීරණය කර ඇත.
කීරී සම්බා සඳහා දැනට නියම කර ඇත කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 125 මිලේ වෙනසක් නැත.
මෝල් හිමියන් සමග සාකච්ඡාවට අග‍්‍රාමාත්‍යවරයා, අමාත්‍ය චමල් රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද සහභාගී වී ඇත.
නව උපරිම මිල බලාත්මක වන්නේ ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුවයි.