10 pm
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  රාජිත සේනාරත්න මහතා ලබන 27 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.කොරෝනා ව්‍යාප්තිය නිසා
රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇති රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා මීගමුව බන්ධනාගාරය වෙත යොමුකර ඇති අතර ඒ නිරෝධායනය සඳහාය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මීගමුව පල්ලන්සේන
තරුණ වරදකරුවන් සදහා වූ විශෝධන මධ්‍යස්ථානය වෙත ඔහු මේ වනවිට ගෙන යමින් සිටින බවයි.

7.00pm
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කලේ හිටපු ඇමතිවරයාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
12.16pm
සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගැනීමක් සිදු වූ බවට කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බවට
තීන්දු කළ කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය අවලංගු කිරීමට අද නියෝග කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් 30 වන දින හිටපු අමාත්‍ය රාජිත සේනරත්න වෙත ලබා දුන් ඇප නියෝගය මෙලෙස අවලංගු කරේ කොළඹ මහාධිකරණයයි. මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බවට තීන්දු කළ කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය අවලංගු කිරීමට අද නියෝග කර තිබුණි.

ඉකුත් දෙසැම්බර් මස තිස් වනදා කොළඹ ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දෝෂ සහගත තීන්දුවක් ගෙන ඇති බව ඒ අනුව නිගමනය විය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ප්‍රදානය කිරීමට නිකුත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කරමිනි. ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර ගැනීම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිදු කළ යුතු බවට මහාධිකරණය තීන්දු කරන ලදී.
නඩු තීන්දුව ප්‍රකාර හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇත.