මෙතෙක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබූ පොළොන්නරුව අභයපුර ප්‍රදේශය සංචරණ කටයුතු සඳහා සාමාන්‍ය පරිදි විවෘත කර තිබෙනවා.



යුධ හමුදාපතිවරයා විසින් එය දැනුම්දුන් බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සඳහන් කලේ.

කොරෝනා වෛරස් ආසාධිත නාවික හමුදා සෙබළෙකු හමුවීමත් සමගයි අභයපුර ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ.

ආසාදිත බවට හඳුනා ගත් මෙම සෙබළා ජීවත් වු පොළොන්නරුව අභයපුර පූමාඩිය ගම්මානයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට ද ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය.