ප්‍රකට වීඩියෝ බ්ලොගර්වරයෙකු වන නස් ඩේලි කොරෝනා සමයේ ශ්‍රී ලාංකිකයින් ආගන්තුකයින්ට දැක්වූ කරුණාව හා සත්කාරය අගය කරමින් වීඩියෝවක් ප්‍රසිද්ධ කර තිබේ.
කොරෝනා වසංගතය පැතිරුණ සමයේ විදේශ රටවල සිරවූ සංචාරකයින්ට
නොයෙකුත් කෙනෙහෙළිකම් වලට මෙන්ම

අසරණභාවයන්ට ලක්වීමට සිදුවුවත් ලංකාවේ 14 දෙනෙකු ගැන සඳහන් කරමින් නස් ඩේලි පවසන්නේ ඔවුන්ට ලැබුණ සත්කාරය ඉතා විශිෂ්ට බවයි.

නස් ඩේලි යනුවෙන් කෙටි වීඩියෝ නිර්මාණ සිදු කරන 28 හැවිරිදි මෙම තරුණයා  නෂීර් යසීන් නමැති ඊශ්‍රායලයේ ආරාබි මුස්ලිම් ජාතික පවුලක උපන්නෙකි.
ඔහු මිලියන 15ක පමණ අනුගාමිකයින් සිටින ෆේස් බුක් පිටුවක සහ මිලියනයක සාමාජිකයින් සිටින යූටියුබ් ඔස්සේ සිය වීඩියෝ නිර්මාණ ප්‍රචාරය කරන අතර ලංකාව ගැන නිර්මාණය කළ වීඩියෝව පළ කර තිබුනේ 47000 පමණ අනුගාමිකයින් සිටින 'නස් නිවුස්' නමැති ඔහුගේ නවතම ෆේස් බුක් පිටුවකය
.මේ වනවිට ලොව පුරා ලක්ෂ 5 ක පමණ නැරඹුම් මෙම වීඩියෝව ලබා ඇත.
එම වීඩියෝව පහතින්