අනිද්දා (11) වනදා සිට රට සාමාන්‍ය අතට පත් කිරීමේ වැඩ කටයුතු ඇරඹුවද බස්නාහිර පළාතේ හා පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ඇඳිරි නිතිය තිබියදී රාජකාරි කටයුතු වල යෙදීමේ වැඩපිළිවෙල තුල සාමාන්‍ය
ජනයාට පොදු ප්‍රවාහනය භාවිතා කල නොහැකි බව ප්‍රවාහන හා විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එම ප්‍රදේශ වල ධාවනය වන ලංගම බස් රථ වල ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු සඳහා යන රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින්ට පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අත්‍යවශ්‍ය රාජකාරි සඳහා කැඳවන සේවකයින් ඒ සඳහා වූ ලිපියක් තිබීමද මේ අවස්ථාවේ ප්‍රවාහන අංශයේ සේවකයින්ට ද බාධාවකින් තොරව රාජකාරි කටයුතු කිරීමට ප්‍රයෝජනවත් වන බව ද ඔහු සඳහන් කරයි.