හැරී පොටර්හි කතුවරිය වන ජේ. කේ. රෝව්ලිං මහත්මිය පසුගිය අප්‍රේල් මාසයේ මුලදී කොරෝනා රෝගය වැළඳී සුවය ලැබුවාය.

ඇය COVID 19 හි සියලුම රෝග ලක්ෂණ නැවත පරීක්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව වෛරසයට තමන් ධනාත්මක නොවන බවට තහවුරු වූ බව  සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඒ දක්වා ඇය ගැන කම්පාවූ පාඨකයන්ට අස්වැසිල්ලක් ගෙන දී තිබුණි.
කෙසේ වෙතත් වඩාත් වැදගත් කාරණාව වන්නේ ඇය එයින් පසු සිදු කළ දෙයයි.
එය ළුූයේ ඇය තවත් අයට කොරෝනා බෝ නොවීමට අවශ්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක ඉන් අනතුරුව නියැළීමය.
එක්සත් ජනපදයේ වෛද්‍යවරයකු වන ඇගේ සැමියා කොරෝනා රෝග ලක්ෂණ පාලනය කිරීමට ඇයට නිර්දේශ කර තිබූ හුස්ම ගැනීමේ ක්‍රමවේදයක් සහිත වීඩියෝවක්ද ඇය බෙදාහදාගෙන තිබුණි. මෙම හුස්ම ගැනීමේ ක්‍රමවේදය තමන්ගේ නිරෝගීභාවය උදෙසා මහත් පිටිවහලක් වූ බව ඇය එම වීඩියෝවේ ඉහලින් සදහන් කර තිබුණි. එමෙන්ම මෙම ක්‍රමවේදය සඳහා කිසිදු වියදමක් වැය කිරීමට සිදු නොවන බවද, ඉන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බව ද ඇය තවදුරටත් පවසා තිබුණි. ජේ. කේ. රෝව්ලිංගේ මෙම කාරුණික පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනෙක් ඒ සඳහා තම ස්තුතිය පළ කර තිබුණි.