අවුරුදු 17ක බාල වයස්කාර දැරියක ලැගුම්හලක රදවාගෙන අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොණරාගල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.

මොණරාගල පොලීසියට ලද තොරතුරක් මත ලැගුම්හලක් පරීක්ෂාවට ලක් කර අදාළ ලැගුම්හලේ කළමනාකරු සහ බාල වයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
කුරුණෑගල – කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය ඇගේ පෙම්වතා විසින් මොණරාගල ප්‍රදේශයට රැගෙන විත් ලැගුම්හලේ රදවාගෙන වෙනත් පුද්ගලයෙකුට මුදලට අලෙවි කර ඇති බව පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙයි.
ඒ අනුව සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත ලැගුම්හලේ කළමනාකරු සහ පෙම්වතා බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජුනි මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි පොලීසිය සඳහන් කරයි.