පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහමැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම මැයි මස 26 දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියෝග කළා.
ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා පිළිගෙන මෙම පෙත්සම් විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප‍්‍රතික්ෂේප කරන ලෙසට  අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලා සිටියේය.

නාමයෝජනා නිවාඩු දින වල කැදවීමට අදාළව පෙත්සම්කරුවන් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පවසා සිටියේ නාමයෝජනා භාර දෙන අවස්ථාවේ කිසිම පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති හෙයින් ඔවුන් එම ක‍්‍රියාදාමය පිළිගත්තේ යැයි පැහැදිලි වන බවයි.
පසුගිය දින 5 පුරාම මෙම පෙත්සම් විභාගවීම් සිදුවිය.