මේ වනවිට කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් හමුවන ප්‍රධාන රටවල් 5 අතරට පත්ව තිබෙන මෙක්සිකෝවේ කොරෝනා සාත්තු සේවයේ නියුතු හෙද පාලිකාවන් තිදෙනෙකු ඝාතනයට ලක් කර තිබෙන සිදුවීමක් වාර්තාවේ. උතුරු මෙක්සිකානු කොහුවායිලා ප්‍රාන්තයෙහි
හෙදියන් තිදෙනෙකු,  මෙලෙස මරාදමා ඇත්තේ ගෙල සිරකර දමමිනි.
රටේ ඔඩු දුවන කොරෝනා තත්වය හමුවේ සෞඛ්‍ය සේවක සේවිකාවන් කෙරෙහි වෛරයෙන් පසුවන ප්‍රචණ්ඩකාරීන් කණ්ඩායම් සිටින බවත් ඔවුන් සෞඛ්‍ය සේවකසේවිකාවන්ට අඩන්තේට්ටම් කළ සිදුවීම් ගණනාවක් පසුගිය දිනවල වාර්තාවූ බවත් කොහුවායිලා ප්‍රාන්තයේ නීතිපති ජෙරාඩෝ මාකේස් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.


නිලධාරීන් කියා සිටියේ  අපරාධයක් ලෙස මෙය හඳුනාගන්නට ලැබෙන නමුත්  චේතනාව පැහැදිලි නැති බවයි. සෞඛ්‍ය සේවකයින් හරහා රෝගය බෝවන බවට ඇති බිය නිසා ඔවුන්ගේ නවාතැන් ආනාරක්ෂිතවූ අතර මෑත සතිවල මෙක්සිකෝවේ ප්‍රචණ්ඩ ආක්‍රමණ වැඩිවූ බව වාර්තා විය.

සෞඛ්‍ය අර්බුදයට මුහුණදීමට වඩාත්ම වැදගත් පිරිස අපගේ සෞඛ්‍ය සේවකයින් වන මොහොතක මෙම ඝාතන වාර්තාවීම නිසා අනෙක් සේවකයින්ද බියට පත්ව ඇති බවත් තත්වය කණගාටුදායක බවත්
කොහුවායිලා හි ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරියෙකු වන ජේවියර් ගුවෙරෙරෝ  විස්තර කළේය.
වසංගතය මෙක්සිකෝවට පැමිණි දින සිට සිදු වූ දරුණුතම දිනය වන පසුගිය බ්‍රහස්පතින්දා මෙක්සිකෝවේ කොරෝනා වයිරස් ආසාදිතයින් 1,982 ක් සහ අතිරේක මරණ 257 ක් වාර්තා විය.
නව සංඛ්‍යාලේඛන මගින් තහවුරු කර ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 29,616 ක් සහ මරණ 2,961 ක් වේ. කෙසේ වෙතත්, රජය පවසා ඇත්තේ සැබෑ ආසාදන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි බවත් මරණ සංඛ්‍යාව අඩු බවත් ය.
(රොයිටර් පුවත් ඇසුරිනි)
[May08, 2020 - Gossiplankanews.com]