අපි බබ්බු නෙමෙයිනේ ඒගොල්ලො තෝරලා කුවේට් ලෙඩ්ඩු ටික මෙහාට පැටෙව්වා - මහින්දානන්ද
ශ්‍රී ලංකාවට කුවේටයේ සිට එවූ කණ්ඩායම ඒරට විසින් හිතාමතා තෝරාගත් ලෙඩුන් මෙහාට පටවා එවීමක් බවත් එරටදී පරීක්ෂණ සිදු කර කොරෝනා නැති බවට තහවුරු කර එවූ කතාව පිළිගන්නට බැරි බවත් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ දෙරණ 360 වැඩසටහනේදී ඊයේ පැවසුවේ මෙසේය.
‘කුවේට් වලින් ආව කට්ටිය අපි තෝර ගත්ත කට්ටියක් නෙවෙයි. ඒ රටෙන් ඒගොල්ලොම තෝරගෙන ඒගොල්ලන්ගෙ ෆ්ලයිට් එකේ එවපු කට්ටිය.
අපේ රටේ බබ්බු නෙමෙයි ඉන්නේ. ඉතාම පැහැදිලියි එහෙ ඉන්න කොරෝනා ලෙඩ්ඩු ටික මෙහාට එව්වා.
අපිට බෝම්බයක් ගැහුවා කියන එක තමයි අපිට මේක තේරෙන්නේ. මේවා අපිට හොද පාඩම් ” ඔහු කීය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com