ප්‍රවීණ ගායිකාවක වන සමිතා මුදුන්කොටුව තම දියනියටත් වඩා ළාබාල තරුණයෙකු හා විවාහ වන්නට යාමේ ප්‍රවෘත්තිය පසුගිය දිනවල අන්තර්ජාලය තුළ පුවත් මවන්නට සමත් සිදුවීමක් වුණා.
මෙම කතාව ඇත්තක්ද නැද්ද මෙය
වෙළෙඳ ප්‍රචාරණයට සිදු කරන ලද උපායශීලී කතාවක්ද යන්න ගැන විවිධ සැක සංකා පළවුණත්
වයස 24 ක් වූ කවින්ද්‍යාට නම් මෙය මහත් පීඩනයක් අත්කරදුන් සංසිද්ධියක් බවට සැකයක් නැත. තම 47 හැවිරිදි මව ප්‍රසිද්ධියේ තමාටත් ළාබාල 22 හැවිරිදි තරුණ පෙම්වතෙකු ගැන ප්‍රකාශ කිරීමෙන් පසු ඇතිවූ විරෝධතා මඩ රැල්ල හමුවේ කවින්ද්‍යා කෙතරම් කලබල වූයේද යත් ඇය ඉන්පසු පළ කරන සමාජ මාධ්‍ය පෝස්ටු සියල්ල තුළම එම කම්පනය විදහා දැක්වුණා.
මේ සමග පළවන්නේ ඇය මෑතක ඉන්ස්ටර්ග්‍රෑම් හා ෆේස් බුක් වෙත මුදාහළ පෝස්ටු කිහිපයකි.

-(සූසර් ජයනන්ද)