යර්ලන්තයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ පුතු විදුර කාශ්‍යප දේශප්‍රිය අද (6) දින උදෑසන එංගලන්තයේ සිට කටුනායකට පැමිණි ගුවන් යානයකින් දිවයිනට පැමිණි අතර මේ වනවිට
නිරෝධායනය සඳහා පිටත්ව ගොස් ඇත.

මේ අතරවාරයේ 'මහින්ද දේශප්‍රියගේ පුතු ලංකාවට ගෙන්වාගන්න ජනපතිගේ සහාය ලබාගත්' බවත් එය පක්ෂග්‍රාහී හැසිරීමක් බවත් දක්වමින් සමාජ මාධ්‍ය තුළ පණිවිඩ හුවමාරුවෙමින් පවතී.

පළවන වාර්තා සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දේශප්‍රිය මහතා එම කතා ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ලේකම් , විදේශ කටයුතු ලේකම් , විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ මෙහෙයුම බාර ජනාධිපති අතිරේක ලේකම් හා නෙදර්ලන්ත තානාපතිවරයට තමා කතා කළ බව පිළිගෙන තිබේ.

තමාට ජනපති උදව් කර පුතු ගෙන්වාගන්නා බවට කතාවක් පැතිරෙන බව තමා විසින් ජනපති දැනුවත් කළ බවද දේශප්‍රිය මහතා සඳහන් කර තිබේ.
ඔහු ෆේස් බුක්හි තැබූ සටහන පහත පරිදිය.