කලක් මැද පෙරදිග රටක රැකියාවක යෙදී සිට ආපසු පැමිණ උහන ලාතුගල ප්‍රදේශයේ  තම සිල්ලර වෙළඳසලක් පවත්වාගෙන ගිය කාත්තාවක ගෙල මිරිකා මරාදැමූ බව කියන තරුණ අඹුසැමි යුවලක් පසුගිය
16 දා අත්අඩංගුවට ගත් බව උහන පොලීසිය පවසයි. රන්මැණිකා විජේසිංහ නැමැති පනස් පස් හැවිරිදි කාන්තාව මරාදමා තිබියදී පොලීසිය සිරුර සොයාගනු ලැබුවේ ඉකුත් 29 වැනිදාය.

කාන්තාව ඝාතනය කළ අඹුසැමි යුවළ ඇයගේ රුපියල් 60,000ක් පමණ වටිනා රන් මාලයක් රු5,000ක පමණ මුදලක් හා වෙළෙඳසලේ තිබූ කිරිපිටි, හාල්, කුකුළු මස්, සිගරැට් පැකට් හා බිඩි මිටි 18ක්ද ඡන්ද සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි.මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ උහන ලාතුගල ප්‍රදේශයේ පදිංවි 28 හැවිරිදි තරුණයකු හා ඔහුගේ 21 හැවිරිදි තරුණ බිරිඳ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසා තිබේ.

 කාත්තාව ඝාතනය කර ඇත්තේ ඇගේ රන් බඩු සහ වෙළෙඳසලේ තිබූ ආහාර ද්‍රව්‍යය සොරාගැනීමට බවද පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සොරාගත් රන් ආභරණ ගෙවත්තේ වළදමා ආහාර ද්‍රව්‍යය එදිනම රාත්‍රියේ උයා ආහාරයට ගත් බව සැකකාර යුවළ හෙළිකර ඇතැයි පොලීසිය කියයි.

 සැකකාර අඹු සැමි යුවළගෙන් හෙළිකරගත් තොරතුරු මත රන් ආභරණ පොලීසිය විසින් සොයාගෙන ඇත.
සැකකාර අඹු සැමි යුවළ ඉකුත් 8 වැනිදා රාත්‍රියේ බඩු මුට්ටු මිලදි ගැනීමට රන්මැණිකා නැමැත්තියගේ වෙළඳසැලට පැමිණි අවස්ථාවේ ඇයගේ ගෙලේ රන් මාලයක් තිබෙනවා දුටු බිරිඳ ඇය මරා හෝ මේ රන් මාලය ගනිමු යැයි යෝජනාවක් කළ බව සැකකරු පොලිසියට පවසා ඇතැයි කියති.

වෙළඳසැලට යෑමට පෙර සිය රුපියල් 500කට ගංජා මිලදී ගෙන ඒවා පානය කර සිට ඇතැයි පොලීසිය කීය.
කාන්තාව ඝාතනය කර බිරිඳ බලා සිටියදී ඇයට (රන් මැණිකාට) ලිංගික අතවර කර තිබෙන බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය විණි යැයි එහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
මෙම සැකකරු සිය බිරිඳ බාල වයස්කාර දැරියකව සිටියදී ඇයට ලිංගික අතවර කර ඇති අතර ඒ සම්බන්ධ නඩුව තවමත් අම්පාර මහාධිකරණයේ විභාග වෙමින් පවතින බවද පොලීසිය කියයි.
එම නඩුව විභාග වන අතරවාරයේ සැකකරු පසුකාලයක ඇය නීත්‍යානුකූලව විවාහ කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකයා  එෆ්.ඩී.එන්. කරුණාරත්ත මහතාට ලැබුණු තොරතුරක් ඔස්සේ කරන ලද පරීක්ෂණක  ප්‍රතිපලයක් වශයෙන්  සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.