සියදිවි හානිකර ගැනීමට ඉහළ කොත්මලා ජලාශයට පනින ලද තරුණියක ‌බේරා ගැනීමට උත්සාහ ගන්නා ලද තරුණයෙකු ජලයේ ගිලී අද (21දා) අතුරුදහන්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. එම අනතුර පෙ.ව.10.30 පමණ සිදුවී තිබේ.


මෙසේ අතුරුදහන්ව ඇත්තේ ලිඳුල, රත්නගිරි ජනපදයේ පදිංචිව සිටි හමීඩ් රික්ෂ්වාන් (28) නැමැති දෙදරු පියෙකි.

නිවසින් විවාහ යෝජනාවක් ගෙන ඒම නිසා ඊට සිත්තැවුලට පත්ව මෙම තරුණිය සියදිවි හානිකර ගැනීමේ අරමුණින් ජලාශයට පැන ඇති අතර, අතුරුදහන්වූ පුද්ගලයා එම තරුණිය බේරා ගැනීමට මෙසේ ජලාශයට පැන තිබේ. ජලාශයට පනින ලද දෙදරු පියා එක්වරම ජලයේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලීසිය පවසයි.

ජලාශයට පනින ලද තරුණිය තලවකැලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා ක්ෂණිකව ක්‍රියාත්මක වී ජලාශයට බැස බේරා ගැනීමෙන් අනතුරුව ලිඳුල රෝහලට ඇතුළත් කොට තිබේ.

අතුරුදන් වු පුද්ගලයා සොයා තලවකැලේ පොලීසය හා තලවකැලේ යුධ හමුදා කදවුරේ නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබිණි.
සිය දිවිනසාගන්නට තැත්කළ තරුණිය 22 හැවිරිදි වියේ පසුවන්නියක බව වාර්තා විය.
සිද්ධිය පිළිබඳව තලවකැලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.