දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට දෙදෙනෙකුගේ ජීවිත අනතුරට ලක්ව තිබේ.
දියේ ගසාගෙන යාමෙන් සහ පස් කණ්ඩියක් කඩා වැටීමේ සිද්ධි දෙකක් දහවල් වාර්තා විය.

කෑගල්ල - වට්ටාරම ඇල මාර්ගය පිටාර යාමේදී මෙම අවාසනාවන්ත එක් සිද්ධියක් වාර්තා වී තිබේ.

ඇල පිටාර යාමෙන්  දියේ ගසාගෙන ගිය  පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධස්ථානය පවසන අතර මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 48 හැවිරිදි පුද්ගලයෙකු බවද පැවසිණි.
මේ අතර කෑගල්ල-වල්දෙණියේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් 65 හැවිරිදි කාන්තාවක් අතුරුදන්ව ඇති බවද ඇය පස්කණ්ඩියට යටවී ඇතැයි සැක බවද  ආපදා කළමනාකරණ මධස්ථානය පවසා තිබේ.