සුගිය දිනවල ආන්දෝලනයට තුඩුදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංද ජයවර්ධන පෙනී සිටියායැයි කියන සමරිසි වීඩියෝව සංසරණය වීම ගැන ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කළ පැමිණිල්ලෙන් පසු මේ වනවිට වීඩියෝව නිර්මාණය කළ කෙනා හසුව ඇති බව කාවිංද ජයවර්ධන දන්වා තිබේ.
වීඩියෝ සම්මූඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසන්නේ මෙම සංසිද්ධිය ගැන ඉරාජ්, ඉරාජ්ගේ නැගණිය රිෂිනි,
මල්ෂා හා හරීන්ගේ නම් ගැන විස්තර පළවුණත් පරීක්ෂණ තවම අවසන් නැති නිසා තමාට තවම ඒ ගැන කීමට අයිතියක් නැති බවයි. කෙසේ වෙතත්  හරීන් මෙයට සම්බන්ධවන්නේ මල්ෂාගේ නිවසට පොලිසිය ගිය අවස්ථාවේදී බවද ඔහු කියයි.

තමාව පටලවන්නට හැදූ වීඩියෝව ඉන්දියාවේ නිෂ්පාදිත මිනිත්තු 45 කට වඩා දිවෙන සමරිසි වීඩියෝවක් බවත් එය ශ්‍රීලංකාවේදී විනාඩි 3කට සංස්කරණය කොට ඇතිබවත් මේ වනවිට සොයා ගෙන ඇතැයිද ඔහු පොලිසියට හසුව ඇතැයිද සියලු විස්තර පොලිසිය සතුව ඇතැයිද හිටපු මන්ත්‍රීවරයා කියයි.නීතිමය කටයුතු සිදුවන නිසා තමා එය හෙළි කිරීම නොගැලපෙන නමුත් ඉදිරි දිනවලදී ඒ ගැන ප්‍රසිද්ධියට පත්වනු ඇතැයිද ඔහු කීය.

 එම ක්‍රියාව සිදු කළ පුද්ගලයා හා සම්බන්ධ පිරිස සංවිධානාත්මකව කරන සයිබර් අපරාධ ක්‍රියාවලට දක්ෂයින් බවත් මෙම සිද්ධියෙන් සතියක් ගෙවුණ තැන තමාගේ ෆේස් බුක් ගිණුම හැක්කර වෙනත් ඊමේලයක් ඇතුළත් කර ඇති බව හඳුනාගන්නට ලැබුණ බවත් වෙරිෆයි කර තිබූ එහි නම වෙනස් කර එහි මුහුණද වෙනස් කර තමාව අපහසුතාවට ලක්කරන්නට තැත්දැරූ බවත් පසුව තමාගේ 58000 ක් සාමාජිකයින් සිටිනා ෆේස් බුක් පේජයටද බාධා කර එහි ඔඩියන්ස් එක වෙනස් කිරීමට හා ෆේස් බුක් රිපෝට් වලට ලක්වීට සැලැස්සූ බවත් කාවිංද හෙළි කර සිටියි.

මෙම සියලු ක්‍රියාවන් ගැන තමා තානාපති කාර්යාල හරහා කථා කර නැවත යථා තත්වයට පත්කරගන්නට සමත් වූ බවද කියා සිටියි.
තමාගේ මුහුණට සමාන සමරිසි වීඩීයෝව තැනූ අය ගැන කළ පැමිණිල්ලට ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇහුම්කන්දී තමාව අදාළ අංශ වෙත යොමු කළ බවද ඔහු ස්තූති පූර්වකව දන්වා ඇත.

තමාව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර මෙම පුද්ගලයා හා තමා වෙනස් බව ඔප්පු කර ඇතැයිද කාවිංද ප්‍රකාශ කරයි. තමා වෛද්‍යවරයෙකු හා දේශපාලකයෙකු බවත් දේශපාලන වශයෙන් ගැටලු පවතින පිරිසක් තම ආත්ම ගරුත්වය නැති කිරීමට මෙම ක්‍රියාව තුළින් උත්සාහ දැරූ මුත් තමාට එය ඔප්පුකර නිවැරදි කිරීමට හැකිවූ බව කාවිංද ජයවර්ධන දන්වා සිටියේය.
චමුදිත සමරවික්‍රම ඉදිරිපත් කරන Truth with Chamuditha වැඩසටහනට එක්වෙමින් කාවිංද මේ කරුණු පැහැදිලි කළේ පහත පරිදිය.