ගෙවීගිය පැය 24 ආසාදිතයින්කො හමුවීම සීඝ්‍ර ලෙස  ඉහළයාම නිසා  වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියාවේ පනවා තිබූ අගුලු දැමීම තවත් සති දෙකක කාලයකට දීර්ඝ කර තිබේ.
ඊයේ දිනයේ ආසාදිතයින් 5000 ඉක්මවා වාර්තා විය. ඉන්දියාවේ ගුවන් ගමන්, දුම්රිය, අධ්‍යාපන ආයතන. මෙට්‍රෝ සේවා, අවන්හල්, බාර්, සිනමා ශාලා සහ සාප්පු සංකීර්ණ වසා තැබෙනු ඇති අතර බොහෝ සීමා කිරීම් තව දුරටත් ක්‍රියාත්මක වේ.
කෙසේවුවද ආපනශාලාවලින් ආහාර බෙදා හැරීමේ සේවාවන් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදී ඇති අතර ප්‍රෙක්ෂකයින්

නොමැතිව ක්‍රීඩා තරඟ පැවැත්වීමට අවසර දී තිබේ.
අගුලු දැමීමු ක්‍රියාත්මක වුවද පුද්ගලික මෝටර් රථ හා බස් රථ නගර හරහා ධාවනය කළ හැකි අතර අවසර තිබෙන අයට ප්‍රාන්ත දේශ සීමා හරහා ගමන් කළ හැකිය.
සමහර ස්වයංරැකියා සඳහා අවසර දී ඇති අතර කෘෂිකාර්මික කටයුතු සඳහා ද සීමා ලිහිල් කර තිබේ.
කෙසේ වුවද මෙම ලිහිල් කිරීම් බලාත්මක වන්නේ අඩු අවදානම් ප්‍රදේශ වල පමණක් බව ඉන්දීය බලධාරීහු පවසති.
ඉන්දියාවේ මේ වනවිට කොරෝනා වයිරස රෝගීන් 90 000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන අතර මරණ 2 896ක් සිදුවී තිබේ.
මුම්බායි නගරයෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන අතර ඒහි සක්‍රීය රෝගීන් 30 706ක් සිටින අතර දෙවැනියට වැඩිම රෝගීන් වාර්තා වන දිල්ලි නගරයේ රෝගීන් 10 585ක් වාර්තා වී තිබේ.
රටපුරා අගුලු දැමීම හේතුවෙන් ඉන්දියාවේ මිලියන 120ක පමණ පිරිසකට රැකියා අහිමි වී ඇති අතර රජයට දැවැන්ත ආර්ථික පිරිවැයක් දැරීමට සිදුවී තිබේ.