කෝවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාර්තු මස 16 වැනිදා සිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව නතර කර ඇතත්, හදිසි අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාදීමේ සේවාවක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්ජ නරාල් පී.වී. ගුණතිලක මහතා පැවසීය.
විභාග කටයුතු, සම්මුඛ පක්‍ෂණ, රියදුරු බලපත්‍ර ලබාගැනීම, විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම වැනි
අත්‍යවශ්‍ය කරුණු හේතුවෙන් ජාතික හැඳුනුම්පත කඩිනමින්ලබාගැනීමට අවශ්‍ය

පුද්ගලයන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙම කඩිනම් සේවාව ක්‍රියාත්මක වන බවත්, එමගින් බත්තරමුල්ල පිහිටි පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුව වෙත පැමිණිමකින් තොරව හැඳුනුම්පත සකසා ගැනීමට හැකි බවත් ගුණතිලක මහතා පැවසුවේය.

තවදුරටත් අදහස් දක්වමින් ගුණතිලක මහතා පවසා සිටියේ, එවැනි හදිසි අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ අවශ්‍යතාව ග්‍රාම නිලධාරී මගින් තහවුරු කර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට භාරදිය යුතු බවයි.එහිදි එම නිලධාරීන් විසින් එම පුද්ගලයන්ගේ තොරතුරු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දන්ත පද්ධතියට ඇතුළත් කරන අතර,

එම තොරතුරුවලට අදාළ හැඳුනුම්පත කඩිනමින් සකස් කර ලියාපදිංචි තැපෑලෙන් ඉල්ලුම්කරු වෙත යොමු කෙරෙන ආකාරයට එම ක්‍රියාවලිය සකසා ඇති බවද ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.  තවද සාමාන්‍ය සේවය යටතේ ඉදිරීපත් කෙරෙන අයදුම්පත්ද ග්‍රාම නිලධාරී මාර්ගයෙන් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ හැකි අතර, එම අයදුම්පත්වලටද ප්‍රමාදයකින් තොරව හැඳුනුම්පත් නිකුත් කිර්මට කටයුතු කරන බවද ඒ  මහතා සඳහන් කළේය.

නවෝදා පවනි