
පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පැමිණිල්ල මානව හිමිකම් කොමිෂන් සභාව වෙත විද්‍යුත් තැපෑලෙන් (ඊමේල් මගින්) ඉදිරිපත් කළ බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ පැවසීය.
ආයතන සංග්‍රහයට සහ මුදල් රෙගුලාසිවලට අනුව කැමැත්තකින් තොරව රාජ්‍ය සේවක වැටුපෙන් මුදල් කපාගත නොහැකි බවද හෙතෙම කීය.
මෙසේ බලහත්කාරයෙන් වැටුප් කැපීම නතර කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය සහ වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා මහින්ද ජයසිංහ පැවැසුවේය.
අජිත් අලහකෝන්



