කොරෝනා වසංගත තත්වය පාලනය කිරීමට වැඩ පිළිවෙලක් දියත්වන අතරවාරයේ ඒසම්බන්ධිත ප්‍රධාන අමාත්‍යංශයේ මුල් පුටුවේ වෙනසක් සිදුව ඇත.

මෙම වෙනස සිදුවන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ධූරයේය.
දැනට අදාළ ධූරයේ කටයුතු කරනු ලබන භද්‍රානි ජයවර්ධන එම ධූරයෙන් ඉල්ලා අස් වී ඇතිඅතර විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු වන විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ අදාළ ධූරයට පත් කර තිබේ.
හිටපු ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකා කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා
වෛද්‍ය උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසු 1986 ඔහු ශ්‍රි ලංකා යුධ හමුදාවට එක් වු අයෙකි. සම්මාන ගණනාවකින් පිදුම් ලැබූවෙකි.